Wednesday, October 20, 2010

නිසංසල සැඳෑවේ
සුසුම්ලන සයුරු‍‍තෙර
ඉකි බිදින හඳින්
කැළඹුණු වගක් දැනුණිද.............
කොහිද එහි ලුණු රසක්
දැන් එයට ලැබී ඇත
අමාපැන් වැනි රසක්
ජීවිතය හරි රසයි
නිති සිනා මල් පිපෙයි................

Tuesday, October 19, 2010

දැනුම් උල්පත

 
ඉහට වහලක් නැතත් 
සොයා යව් විදුහල
ගත වෙව්ලන සීතලටත්
මොලවව් අග්නි ඥාණය
සාපිපාසා පහරන
ගනිව් පොත සුරතට
එයයි තොප ආයුධය
උදුරා ගනිව් උරුමය.......

අහිංසකාවිය


ළාසඳ සේ පැහැසරව
අහස් ගංතෙර මතින්
සිනා පා එබෙන සඳ - ඔබ
ඒ අහස කෙළවරක ඉඳ
සුදු සඳට පෙම් බැන්ද

අහිංසකාවියයි - මම.......